“ලතා කර්මය සඳහා යොදාගෙන තිබුණේ ඕලු මල්, පත්‍ර හා දඬුය. අඳුරු රතු පැහැ පසුබිමෙහි රන්වන් පැහැය අඩු වැඩි කරමින් විසුරුවා හැර වර්ණ ගන්වා තිබුණු ලියවැලෙහි ලාලිත්‍යයට වශී වූ බෲස්, සිතුවම ස්පර්ශ කරමින් සිය අතැඟිලි ඒ මත දුවවන්නට විය. බෲස් වඩාත් ළංව විමසිලිමත්ව ලියවැල නිරීක්ෂණය කළේ ඊට මැදි වූ අධිමානුෂික රූපයේ හුරුපුරුදු බවක් පෙනී ගිය හෙයිනි. එහි සිටියේ සුරේන්දර නයිදේය. සිය ජීවිතයේ ඇඳි වඩාත් විචිත්‍රවත් සිතුවමෙහිම කොටසක් බවට පත්ව, ඒ අලංකාර ලතාවේ ග්‍රහණයට හසුව සිටියේ සුරේන්දර නයිදේ බව බෲස් හඳුනාගත්තේය. ලියවැල සුරේන්දර නයිදේගේ ජීවය උරාගනිමින් වඩ වඩාත් සශ්‍රීකවද අලංකාරවද වැඩෙමින් තිබුණේය.”











Reviews
There are no reviews yet.