Aramadasa

Original price was: රු700.00.Current price is: රු560.00.

Swarna Pushthaka Awards 2021 Nominee ස්වර්ණ පුස්තක සම්මාන 2021 නිර්දේශිත

Out of stock

Guaranteed Safe Checkout

ස්වර්ණ පුස්තක සම්මාන 2021 අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත නවකතාව

නාගත සශ්‍රීකත්වයක ඉව දිගේ අලුත් මිනිසුන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ රජයේ වැඩ බිම් සඳහා ඇදී ආවේ කුහුඹු රැළක කඩිසරභාවයෙන් යුතුවය. ඒ මිනිස් ගංගාව තැනී තිබුණේ දුගීබව නිසා සිය ගම්බිම්වලින් පිටමං වන්නට බලකෙරුණු මිනිස් බිංදූන්ගෙනි. උක්ත දුගී මිනිස් ගංගාව පොළොන්නරුවේ වියළි සරු පොළොව විසින් වහා උරාගන්නා ලද්දේද ගංගාවක් වශයෙන් නොව, බිංදු වශයෙනි. එහෙත්, පැරණි ගම්මානයන්හි විසූ පොළොන්නරුවේ සැබෑ උරුමක්කාරයින් අභිභවා මේ නව සෙනඟ ලැගුම් ගත්තේ ආගන්තුකයින් ලෙසින් නොව, එහි නව බලාධිකාරීන් වශයෙනි. එතෙක් වනාන්තරයත් සමඟ සහෝදර බැම්මෙන් බැඳී අදීන සරල ජීවිත ගෙවමින් හුන් පොළොන්නරුවේ මිනිසුන් වෙත මේ සෙනඟ නව දැනුමද නව අදහස්ද නව ජීවන බලාපොරාත්තූන්ද නමැති අලුත් ආගන්තුක බීජයන් රැගෙන ආ බව සැබෑමුත් ඒ සියල්ල මේ අලුත් පොළොවට සරිලන සාරවත් වෘක්ෂ ලතාවන් හෝ ධාන්‍ය වර්ගයන්ට අයත් නොවීය. ඒ අතරින් බිහිසුණුම බීජය වූයේ ඒ වනවිට මීට පිටින් වූ මහරටෙහි අතු ඉති දමා වැඩෙමින් පැවති සිංහල ස්වෝත්තමවාදයයි. එයට අනුව පොළොන්නරුව දෙමළ ආක්‍රමණයක ඊළඟ ඉලක්කයයි.

ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි. උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි.

මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.

Awards

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Aramadasa”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop