අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නැමැති නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි ඔබ කවුද ? ලෝකය ආවේ කොහෙන්ද ?
මේ ලිපි ලියූ පුද්ගලයා ගුප්ත දාර්ශනිකයෙකු වන ඇල්බර්ටෝ නොක්ස්ය මේ සිත් අවුල් කරවන ප්‍රශ්න ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් සාත්‍රෙ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වේ ඉතාමත් සිත් ඇදගන්නා සුළු විනෝදාත්මක ලිපි පෙළක් ඇසුරෙන් ද ඉක්බිති පෞද්ගලිකව පැමිණීමෙන්ද ඇල්බටෝ නොක්ස් මනුෂ්‍ය ශිෂ්ටාචාරය උදා වූ තැන් පටන් දාර්ශනිකයන්ගේ විමසීමට යෙදුන මූලික ප්‍රශ්න පිළිබඳව සොෆීගේ විමර්ශනාත්මකව මනස පුබුදු කරවයි.











Reviews
There are no reviews yet.