Abhayabhoomiya – අභයභූමිය
ගැටවර වියේ පසුවන යොවුන් පිරිසක් පාත්‍ර වූ බිහිසුණු අත්දැකීමක් පසුබිම් කොටගත් මෙම යොවුන් නවකතාව එක දිගට ම කියවා රසවිඳිය හැකි ශෛලියකින් හා සරල බස් වහරකින් රචිත කෘතියකි. ත්‍රාසය හා හුදු කතා රසයට පමණක් සීමා නො වන කතුවරයා, යෞවනෝදය ප්‍රකට වන වයස් සීමාවල පසුවන පාඨකයන් ගේ යථාර්ථ දෘෂ්ටිය, පරිකල්පනය හා ප්‍රඥාව ද වඩවන අයුරින් මෙම අත්දැකීම ඉදිරිපත් කරයි. පාඨකයා හුදු අද්භූත ලොවක රඳවනු වෙනුවට ජීවිතය පිළිබඳ යථාවබෝධය වර්ධනය කරවන සුළු ආකල්පයකින් මෙම නවකතාව රචනා වී තිබීම මෙහි විශේෂත්වයකි. රාජ්‍ය සම්මාන දිනා ගත් මෙම නවකතාව අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය මඟින් පුස්තකාල පොතක් වශයෙන් ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල මඟින් ප්රශස්ත කෘතියක් වශයෙන් ද අනුමත කොට ඇත.
Ahasa Polawa Lanwela – අහස පොළොව ළං වෙලා
බහු පෙළපොත් ක්‍රමය යටතේ 6 වසර සිංහල පෙළ පොතට මෙම ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ඇතුළත් ව තිබූ යොවුන් නවකතාව
පරිසරයට ආදරය කරන පියසේකර නමැති චිත්‍ර හා මූර්ති ශිල්පියාත් මාලි නමැති ඔහු ගේ දියණියත් මුහුණ දෙන අත්දැකීමක් තුළින් යොවුන් පාඨකයන් පරිසරය කෙරෙහි සංවේදී කරවන සුළු කතා ප්‍රවෘත්තියක් මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත.
Pasunobasimi – පසුනොබසිමි
2019 රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව
2019 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව
ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියෙකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී මානවහිතවාදී ගුරුවරයකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මඟ පෙන්වීම යටතේ පොතපත කියවමින් ධෛර්යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ශාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ ‘මානිවත්ත අභික්කම’ යන බුදුවදන ද සිහියට නඟමිනි.
Sora Nawa Biliwunu Sunamiya – සොර නැව බිලිවුණු සුනාමිය
2010 වසරේ රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව
යොවුන් පාඨකයා නව විෂය ප්‍රාදේශයකට කැඳවාගෙන යන මෙම නවකතාව, නැව් කපිතන්වරයකු වීමට ඉගෙනුම ලබන ලාංකික තරුණයකු හා ඔහු ගේ ඉන්දුනීසියානු මිතුරකු එකතු වී අභිරහස් සොර නැවක් සෙවීමේ ගවේශණයක් වටා ගෙතී ඇත.
Be the first to review “Young adult fiction යොවුන් නවකතා – Promo Bundles”