Senkottan සෙංකොට්ටං

රු 900.00

ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය

Only 1 left in stock

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2012
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2012
ගොඩගේ සාහිත්‍ය සම්මාන 2012
ස්වර්ණ පුස්තක සම්මාන 2012 නිර්දේශිත

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”

SKU: SNN 100101
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Senkottan සෙංකොට්ටං”

Your email address will not be published. Required fields are marked *