Robert Knox & Hudekala Wu Geheniyakage Papochcharanaya – Promo Bundles

රු 1,368.00රු 1,520.00

සිංහල නවකතා

Only 1 left in stock

Robert Knox – රොබට් නොක්ස්

“ලංකාව නමැති ද්වීපයේ ඓතිහාසික සබඳතා” නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් හෙළි කළ තොරතුරු පාදක කර ගනිමින් ප්‍රබන්ධිත ඓතිහාසික නවකතාව

පුරා වසර 19ක් ඉංග්‍රීසි ජාතික නැවියකු වූ කණිෂ්ඨ රොබට් නොක්ස් මේ රට සිරකරුවකු වශයෙන් දිවි ගෙවී ය. කණිෂ්ඨ රොබට් නොක්ස් ගේ චරිත කතාව, මිනිසකු සතු උට්ඨාන වීර්‍යය, අධිෂ්ඨාන ශක්තිය හා ස්වකීය අරමුණු හා ඉලක්කයන් ජය ගැනීමට බුද්ධිය මෙහෙයවා කළ කැප කිරීම විශද කරන අපූරු අන්දරයකි.

Hudekala Wu Geheniyakage Papochcharanaya – හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය

ස්විට්සර්ලන්තයේ ලුසර්න් නුවරට ඔබ්බෙන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් අවට ලෝකය දෙස බලා සිටින මෙම හුදකලා වූ ගැහැනිය විසින් කරනු ලබන පාපොච්චාරණයක් ලෙස ඇගේ කතාව අනාවරණය වෙයි. ස්වකීය ඥාතීන්ගෙත්, කුටුම්භයෙත්, නිලධාරී තන්ත්‍රයෙත් පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයෙන්ම බැට කෑ ශ්‍රී ලාංකික මැද පාන්තික ගැහැනියකගේ චිත්‍යාභ්‍යන්තරය මෙම නවකතාවෙන් යතාර්ථවාදී ව සිතුවම් කොට ඇත. දුරු රටක ගිරි මුදුනක් වන් උස් ගොඩනැඟිල්ලක සිට සිට කවුළුවක් තුළින් ලොව දෙස බලා සිටින ඈ මෙසේ අසයි : “මගේ කතාව කියවා අවසානයේ මේ සියල්ලටම වරදකරු ලෙස ඔබ දකින්නේ කවුරුන් ද ?”

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Robert Knox & Hudekala Wu Geheniyakage Papochcharanaya – Promo Bundles”

Your email address will not be published. Required fields are marked *