මායා කවය
Sharon Bolton ගේ ‘The Craftsman’ නම් කෘතියේ සිංහල පරිවර්තනය
දයාබර පියෙක්ද නිර්දය මිනීමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනීමැරුම් දාමයකට වරදකරු වු ලැරී ග්ලාස්බ්රූක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම් ලක්ෂය විය.
භයානක සිහිනයකදී සිදුවන්නාක් මෙන් ලැරී තම වරද පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමි විය. එහෙත් වසර 30 කට පසු ලැරීගේ මරණයත් සමඟම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කව්රුන් හෝ ලැරීගේ මිනීමරුම් ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගෙනද? නැත්නම් ෆ්ලොරන්ස් එදා හිරභාරයට ගත්තේ සැබෑ මිනීමරුවා නොවේද?
එසේත් නැතිනම් කිසිවෙකුත් නොදන්නා අඳුරු රහසක් එහි සැඟවී තිබේ ද? ලැරීගේ අවමංගල්‍යයට පසුදා අභිරහස් ලෙස අතුරුදහන් වන තම දරුවා බේරා ගැනීමට කෙනෙහිලිකම් හා හදිහුනියම් පිරුණු සමාජය හා සටන් වැදීමට ඈට හැකියාව තිබේද?
සඳ කවය
Sharon Bolton ගේ ‘The Buried’ නම් කෘතියේ සිංහල පරිවර්තනය
දැනට බි්‍රතාන්‍යයේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරිනිය වන ෆ්ලොරන්ස් ලව්ලේඩි නැවත සබ්ඩින් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසරකට පෙර සිරගත කළ දාම ඝාතකයකු වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මිය යාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සබ්ඩින්හි පැරණි බ්ලැක් මොස් මැනොර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි.
ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන කැසී ග්ලාස්බෲක් ඇගේ නවයොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි.
ලැරී අත්අඩංගුවට පත්වීමත් සමග සබ්ඩින් නගරයේ නපුර පළවා හැරිය බව සිතා සිටියත්, සැබැවින්ම එය නපුරේ ආරම්භය බව දැන සිටි ‘සඳ කවයේ’ මායාකාරියන් පිරිස නැවතත් නගරයත්, එහි දරුවනුත් බේරා ගැනීමට ෆ්ලොරන්ස් හා එක්ව ‘ශිල්පීන්ගේ කවයට’ එදිරිව සටන් වදීවිද?
Be the first to review “Maya Kawaya & Sanda Kawaya – Promo Bundles”