Achchu Akuru Ankura අච්චු අකුරු අංකුර

රු 700.00

කාව්‍ය සංග්‍රහය

In stock

ලියා තබමි සඳ මඬලේ
මගේ කවිය බලන්න
නුඹ සිර කර සිටින ලොවට
බැහැ සඳවත වසන්න

වලා රොදෙන් සඳ වැහුණත්
එපා අහක බලන්න
යළි පෙනෙනා සඳ දකින්න
දෙනෙත් අයා හිඳින්න

අමාවකට ඝන අඳුරේ
එපා කඳුළු සලන්න
මා දකිනා සඳ දකින්න
හෙටත් අහස බලන්න

ලොව ජයගෙන මතු දිනයක
ඔය සෙනෙහස විඳින්න
මා එනතුරු නුඹෙ අහසේ
මගේ සඳ ම නැගෙන්න

SKU: SPP 100313
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Achchu Akuru Ankura අච්චු අකුරු අංකුර”

Your email address will not be published. Required fields are marked *