Abhayabhoomiya අභයභූමිය

රු 400.00

1987 වසරේ රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව

In stock

ගැටවර වියේ පසුවන යොවුන් පිරිසක් පාත්‍ර වූ බිහිසුණු අත්දැකීමක් පසුබිම් කොටගත් මෙම යොවුන් නවකතාව එක දිගට ම කියවා රසවිඳිය හැකි ශෛලියකින් හා සරල බස් වහරකින් රචිත කෘතියකි. ත්‍රාසය හා හුදු කතා රසයට පමණක් සීමා නො වන කතුවරයා, යෞවනෝදය ප්‍රකට වන වයස් සීමාවල පසුවන පාඨකයන් ගේ යථාර්ථ දෘෂ්ටිය, පරිකල්පනය හා ප්‍රඥාව ද වඩවන අයුරින් මෙම අත්දැකීම ඉදිරිපත් කරයි. පාඨකයා හුදු අද්භූත ලොවක රඳවනු වෙනුවට ජීවිතය පිළිබඳ යථාවබෝධය වර්ධනය කරවන සුළු ආකල්පයකින් මෙම නවකතාව රචනා වී තිබීම මෙහි විශේෂත්වයකි. රාජ්‍ය සම්මාන දිනා ගත් මෙම නවකතාව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය මඟින් පුස්තකාල පොතක් වශයෙන් ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල මඟින් ප්‍රශස්ත කෘතියක් වශයෙන් ද අනුමත කොට ඇත.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Abhayabhoomiya අභයභූමිය”

Your email address will not be published. Required fields are marked *