රජත පුස්තක සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත
ගොඩගේ සාහිත්‍ය සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත
නිනව්වක් නැතිව වැළපෙන සයුරු රළ අතර
අකම්පිත හදවතින් වෙරළ තනියම වැතිර
පා ලකුණු දැක දැකත් ඇවිත් සමුගත් නිතර
තවත් මග බලනවා ඈත නිල් එළි අතර
සිහිනයකි මේ මුහුද නොපෙනේය එහි ගැඹුර
බිඳෙන පෙන පිඬු කියයි සිහින වල අවමගුල
ගැඹුරු සිඳු පතුල යට සදා සැඟවී හිඳින
සිහින ඇති කියාගනු බැරි පෙමක මුතු ලෙසින
යාත්‍රාවක් පෙනේ ඈත තොටුපළ සොයන
ගොඩ බිමක් ඇති ඊට දෑස දල්වා හිඳින
ප්රදීපාගාරයක ඇස් බැල්ම හිමි නොවුණ
යාත්‍රිකයන් ඇද්ද කොතෙක් කරදිය විඳින
තාරකා පත්තු වී එළිය වැගිරෙන් රැයක
තොටියෙකුට කවියක්ය මේ ගැඹුරු රළ පතර
ආදරය කියන්නේ සොයා යන එක මිසක
නැංඟුරම් ලන එකද බෙදාගත් තොටුපළක
කර්තෘ: රවී සිරිවර්ධන
Be the first to review “Pradeepagarayaka Es Balma ප්රදීපාගාරයක ඇස් බැල්ම”