මේ වැස්ස මෙපරිදි ම
වැටෙනවා ඇති
ඔබ සිටින පෙදෙසට ද
දූ කාමරේ තනියම ද?
ඔබ ආලින්දයේ පුටුවක ද?
ගෙවී ගිය දින පිළිබඳ
ඇත්තට ම හිතෙන්නේ මොනව ද?
සැමියා තාම එහෙම ම ද?
ගෙදර එන්නෙත් ඉඳහිට ද?
නොවටිනා ගැහැනියක සේ
ඔහොම ඉන්නේ මොනවට ද?
පියාපත් වල බර වැඩි ද?
දූගෙ අත්තටු සවි මදි ද?
ආකහේ අතරමං වේයැයි
අවිශ්වාසය, බය වැඩි ද?
Be the first to review “Wahi Watena Dawas වැහි වැටෙන දවස්”