Samuganimu Gulsari සමුගනිමු ගුල්සාරි
රු 1,200.00
Only 1 left in stock
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය.දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.. ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය. අම්මා – යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය.ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය.
Weight | 0.308 kg |
---|---|
Book-author | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Samuganimu Gulsari සමුගනිමු ගුල්සාරි”